සිව් හැවිරිදි දියණියගේ මුහුණම මීයන් කා විනාශ කරලා, පියාට ගාණක්වත් නැහැ
Wednesday, 27 May 2020 - 14:44 | Views - 647
අබිරහස් ලෙස මිය ගිය කුඩා දරුවෙකු ගැන අනුවේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවෙන්...

බ්‍රිස්බේන් හි කැනන් හිල් හි පිහිටි නිවසකින් හමුව ඇති මෙම ගැහැණු දරුවාගේ මළසිරුරේ මුහුණ මීයන් විසින් ආහාරයට ගෙන ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.

විලෝ ඩන් නම් මෙම සිව් හැවිරිදි දරුවා ගේ මරණය සම්බන්ධයෙන් ඇගේ පියා වන 43 හැවිරිදි මාක් ජේම්ස් ඩන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඩන් මෙම මරණය පොලිසියට දැන් වූ නමුත් හදිසි සේවා ඇමතුමක් ලබා ගෙන නැහැ.

පොලිසිය පවසන්නේ මෙම පියා විසින් කුඩා දැරුවා යහනේම කුණු වීමට ඉඩ හැර ඇති බවයි.

ඇයට සමීප ඥාති පිරිස් පවසන්නේ දැරියගේ හිස්කබලට පිළිස්සුම් තුවාල සිදු ව ඇති බවත්, උකුලේ අස්ථි වල ගැඹූරු තුවාල ඇති බවයි.

ඇගේ සිරුර කුලී නිවස පිටුපස නිදන කාමරයේ තිබී සොයාගෙන ඇති අතර ඇය සිය පියා, සුළු මව හා තවත් සහෝදරියක් (සුළු මවගේ දියණිය) මෙහි වාසය කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇගේ සුළු මවට චෝදනා එල්ල වී නැහැ.

සිව් හැවිරිදි දැරියගේ මව දරු ප්‍රසූතයේදීම මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Dailymail ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top