ලතින් ඇමරිකාව අවදානමේ - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
Wednesday, 27 May 2020 - 13:32 | Views - 729
කොරෝනා වෛරසයේ මීළඟ අපකේන්ද්‍රය ලතින් ඇමරිකානු රටවල් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන ඇමරිකාව අභිබවමින් ඊයේ දිනයේ වැඩිම දෛනික මරණ වාර්තා වුණේ බ්‍රසීලයෙන්.

ඇමරිකාවේ ගෙවුණු පැය කිහිපය තුළ දෛනික මරණ 774ක් වාර්තා වුවද බ්‍රසීලයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1027ක්.

ලබන අගෝස්තු මාසය වන විට බ්‍රසීලයේ කොවිඞ් මරණ එක්ලක්ෂ 25,000ක් ඉක්ම වනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

මේ වන විට බ්‍රසීලයේ ආසාදිතයින් තුන් ලක්ෂ 94,507ක් වාර්තා වන අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 24,593ක්.

දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව එක්ලක්ෂ 50,793ක්.

එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 4344ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවී ඇති ලොව රටවල් 215ක් තුළ වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 56 ලක්ෂ 86,282ක් වන අතර, මරණ වාර්තා වන්නේ තුන්ලක්ෂ 52,227ක් ලෙසයි.

සුවය ලැබූ සංඛ්‍යාව විසි හතර ලක්ෂ 3788ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top