කළු ජාතිකයෙකුගේ ගෙල පාගා අවසන් ගමන් යැවූ, සුදු ජාතික පොලිස් නිලධාරියාගේ වීඩියෝව අන්තර්ජාලය කළඹයි
Wednesday, 27 May 2020 - 11:57 | Views - 2,285
අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ ගෙල පාගමින් අමානුෂිකව වද දී අවසන් ගමන් යැවූ පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්ව තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි, ඩේලිමේල් වෙබ් අඩවිය ඊයේ දිනයේ වාර්තා කර තිබුණේ.
 
ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතිකයා විදේශයකින් ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අයෙකු බව පැවසෙනවා.
 
මොහුගේ මරණයට වරදකරුවන් වූ පොලිස් නිලධාරින් හතර දෙනෙකු සේවයෙන් පහ කර ඇති බවද සඳහන්.
 
නිලධාරින් කිසිවෙකුගේ නම් සඳහන් කර නොමැති අතර වඩාත් ආන්දෝලනයට ලක්ව ඇති සිදුවීම නම් මෙම එක් නිලධාරියෙකු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල මිනිත්තු 6ක පමණ කාලයක් තම පාදයෙන් පාගාගෙන සිටීමයි.
 
ඇමරිකා ඉතිහාසයේ සුදු ජාතිකයින් හා කළු ජාතිකයින් අතර මහා ගැටුමක් පැවති අතර අදටත් එම ගැටුම් වරින් වර දකින්නට ලැබෙනවා. මීට ඉහතද එරික් නම් අයෙකු (මීට මසකට පෙරදී) සුදු ජාතිකයින් දෙදෙනෙකු විසින් ඝාතනය කර තිබුණා. 2014 වර්ෂයේද ඒ හා සමාන සිදුවීමක් වූ අතර කළු ජාතිකයෙකුට දිවි අහිමි කර තිබුණා.
 
අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට අමානුෂීක වදහිංසා පැමිණවීම නීතියෙන් තහනම් වන අතර මේ නිසාම නිලධාරින්ගේ ක්‍රියාව තමන් අනුමත් නොකරන බවයි මිනියා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු සඳහන් කළේ.
 
මෙය පොලිසිය අතින් සිදුවූ වරදක් ලෙස දක්වමින්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලට ඔවුන් උපරිම සාධාරණයක් ඉටු කරන බවට ද පොරොන්දු වී තිබෙනවා.
 
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ නීතිඥයා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අමානුෂීක වීඩියෝව සිය ට්විටර් ගිණුමේ පළ කරමින් මේ සඳහා සාධාරණයක් ඉල්ලා තිබුණා.
 
තමාගේ ගෙල පාගා ගනිමින් සිටින සුදු ජාතික පොලිස් නිලධාරියාගෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් ආයාචනයක් සිදු කරන අතර, ඔහු එහිදී පවසන්නේ, "කරුණාකරලා... කරුණාකරලා... මට හුස්ම ගන්න බැහැ.. කරුණාකරලා මනුස්සයෝ.." යනුවෙනුයි.
 
Dailymail ඇසුරිනි..
Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 948 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,071 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top