ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලින් දකුණු කොරියාවට
Wednesday, 27 May 2020 - 11:15 | Views - 2,155
කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මෙරටට පැමිණි දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රමිකයින් 160 දෙනෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද අලුයම යළි එරට බලා පිටත්ව ගියා.
ඒ, මියන්මාර ගුවන් සේවයට අයත් යානයකින්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මඟ පෙන්වීම යටතේ සංචාරක ආයතනයක් විසින් මියන්මාර යානය මෙම ගුවන් ගමන සඳහා එක් කර ගැනීමට කටයුතු කර තිබුණා.
Share This Article