හදවත රැකදෙන මොළයට සුවදෙන මුහුදු මාළු
Wednesday, 27 May 2020 - 10:42 | Views - 1,575
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය නැත්නම් මාළු සම්පත ගැන තිබෙන දැනුම අඩුයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මාළු කෑමට දක්වන්නේ මැලිකමක්.
හැම වර්ගයකම මාළු ඔබේ ශරීරයට හිතකරයි. නිතරම කන කෑමවල නැති ගොඩක් පෝෂක ද්‍රව්‍ය මාළුවල තියනවා. ඉතාම ඉස්තරම් ප්‍රෝටීන් (high quality protein), අයඩින්, විටමින් සහ ඛනිජ ලවන වර්ග මාළුවල යහමින් අඩංගුයි. මේද අඩංගු මාළු වර්ග වැඩියෙන්ම ගුණ මාළු වර්ග ලෙස පරීක්ෂණවලින් තහවුරැ වෙලා තියනවා.

යහපත් මේද සහිත පෝෂක ද්‍රව්‍යවලින් අනූන ලෙස සලකන්නේ සැමන් ට්‍රවුට් ටූනා මැකරල් වැනි මාළු වර්ගයි. ඒවායේ ඇති මේදයේ දියවන විටමින් D කියන්නේ ලංකාවේ බොහෝ දෙනකුට අඩුවෙන් ලැබෙන විටමින් වර්ගයක්. ශරීරයේ හෝර්මෝන ශ්‍රාවය නිසි ලෙස කරගෙන යන්න මේ විටමින් එක ගොඩක් උදවු වෙනවා.

මේද අධික මාළුවල තිබෙන තවත් වටිනා පෝෂකයක් තමයි Omega 3 මේද අම්ලය කියන්නේ.

omega – 3 වැදගත් ඇයි

ශරීරය සහ මොළය නිසි ලෙස ක්‍රියා කරන්නට omega – 3 ඉතාම වැදගත් වෙනවා.

ලෙඩ රෝග ගොඩක් වළක්වන්නත් උදවු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම අකල් මරණවලට හේතු වෙන්නේ හදවත් අබාධ. සතියකට තුන් පාරක් විතර මාළු කනවා නම් හදවත් අබාධ ඇති වීමේ අවධානම ගොඩක් අඩු වෙනවා.

මාළුවල බහුලව අඩංගු omega 3 සහ DHA (docosahexaenoic acid) දරැවන්ගේ මොළය සහ ඇස වර්ධනයට උදව් වෙනවා. ඒක නිසා මාළු සතියකට කීප වරක් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. වයසින් වියපත් වීමත් සමඟ මොළයේ මතකය, ඉන්ද්‍රියන් පාලනය සහ කථනය වැනි ක්‍රියාවන් අඩපණ වෙනවා. බොහෝ අධ්‍යයනයන්ට අනුව වැඩිපුර මාළු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ වයසට යාම සමඟ ඇතිවන Alzheimer’s disease වැනි අබාධ අවමයි. මානසික අවපීඩනය නැත්නම් depression සමනය කරන්නත් හේතු වෙනවා. මාළු, මොලයේ නිසි ක්‍රියාකාරීත්වය ඇතිකර සතුට වැඩිවන හෝර්මෝන ශ්‍රාවය කිරීමට දායක වෙනවා. වයසට යන විට ඇති වන අක්ෂි අබාධ සාර්ථකව වළක්වන බවද සායනිකව තහවුරු වී ඇත.


Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 954 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,072 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top