සිරකරුවකු සමඟ කාටත් රහසින් ලිංගික සම්බන්ධතා පැවැත්වූ, සුරූපී බන්ධනාගාර නිලධාරිනියට අත් වූ ඉරණම
Wednesday, 27 May 2020 - 8:45 | Views - 2,768
ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි නගරයේ Silverwater නමැති පුනරුත්ථාපන බන්ධනාගාරයේ සේවය කළ 25 හැවිරිදි ජේලර්වරියක් එහි සිරකරුවකු සමඟ මාස කිහිපයක් පුරා අයථා සම්බන්ධයක් පැවැත්වීමේ විසමාචාර චෝදනාව මත අත්අඩංගුවට පත්ව තිබෙනවා.
 
වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කැම්බල්ටවුන් පොලිසිය වෙත රැගෙන යනු ලැබූ ඇය පසුව ඇප පිට නිදහස් කරනු ලැබ ඇති බවයි විදෙස් මාදය පවසන්නේ.

මෙම වරද වෙනුවෙන් මෙලිසා ගුඩ් වින් (Melissa Goodwin) නමැති ඇයට වසර 2ක සිර දඬුවමක් හිමි වනු ඇතැයි බලධාරීහු පවසනවා.
 
මෙම සිරකරුවා හට දුම්වැටි ඇතුළු විවිධ තහනම් ද්‍රව්‍ය පවා ඇය ලබාදී තිබූ බව පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.
 
බන්ධනාගාරයේ දූෂණ විමර්ශන අංශය විසින් ඇගේ සේවය තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබෙනවා.
 
පිරිමි සිරකරුවකු සමඟ අනිසි සම්බන්ධයක් ඇති කරගැනීම මඟින් චූදිත ජේලර්වරිය බන්ධනාගාරයේ ආරක්ෂාව පරදුවට තබා ඇතැයි එම අංශයේ රහස් පරීක්ෂක රොබට් හොලෝව්ස් පෙන්වා දෙනවා.
 
මාස කිහිපයක් තුළ ඇය මෙම සිරකරු සමඟ 5 වරක් ලිංගිකව හැසිරී ඇති බව පරීක්ෂණවලදී හෙළි වූවා.
 
“සිරකරුවන් වෙත ලබාදීම තහනම් කර ඇති ද්‍රව්‍ය මෙවැනි මාර්ග ඔස්සේ ඔවුන් අතට පත්වීම විශාල අවදානමක්. මෙම කාරණය අපි කිසිසේත් ලඝු කර නොසලකන්නෙමු පරීක්ෂණ පවත්වා එවැනි අනිසි ක්‍රියාවන් කර ඇති නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණවීමට අපි පසුබට නොවෙමු” යැයි ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
 
මේ වනවිට අදාළ සිරකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවා ඇති බවත් මෙලිසා ඇප පිට නිදහස් කර ඇති බවත් පොලිසිය පවසනවා.

උපුටා ගැනුම - මව්බිම පුවත්පත

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top