ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 8:06 | Views - 932
ආසාදිතයින් 137 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,319 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ආරම්භ කළ දින සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ එම ආසාදිතයන් අතරින් 127 දෙනෙකු කුවේට් සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බවයි.

ඒ අනුව කුවේට් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගත් සංඛ්‍යාව 217ක්.

එසේම ඊයේ දිනයේදී හඳුනාගත් අනෙක් ආසාදිතයන් 10 දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 638 ක්.

කොරෝනා වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 597ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 712ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top