අංශ දෙකක් දුරස්වීම නිසා, පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්
Wednesday, 27 May 2020 - 8:02 | Views - 552
රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි තොරතුරක් වාර්තා නොවූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණ වුණා.

ඒ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී බී.අයි.අයි. ප්‍රසන්න සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සියලු‍ අංශ එක්ව කටයුතු කළේ නම් ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට හැකියාව තිබූ බවයි.

එසේම 2019 වසරේ අප්‍රේල් 11 තෙක් බස්නාහිර පළාතේ බුද්ධි කොට්ඨාසයට ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ.

කොමිසම එහිදී ප්‍රශ්න කළේ 2016 වසරේ පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂ මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ තමන් දැනුවත්ද යන්නයි.

එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන්ට මතකයක් ඇති බව පැවසූ සාක්ෂිකරු ප්‍රකාශ කළේ ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි.

ඒ අනුව 2016 වසරේ අලු‍ත්ගම දර්ගා නගරයේ ඇති වූ සිද්ධියෙන් පසු අබ්දුල් අමීද් නැමති පුද්ගලයා සිය ෆෙස්බුක් ගිණුම හරහා පළ කර තිබූ “ඉස්ලාමීය අඳුරු අසිපත කොළඹ අහසේ ලෙළදෙනවා, මීට ශ්‍රී ලාංකික අයි.එස්.අයි.එස්. සාමාජික” යන සටහන අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

එහිදී කොමිසම විමසුවේ ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් කළේද යන්නයි.

සාක්ෂිකරු පැවසුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ පූජිත් ජයසුන්දර මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි.

කොමිසම යළි ප්‍රශ්න කළේ එවකට ශ්‍රී ලාංකිකයෙකු අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී විදේශයකදී මියගිය බවට සාක්ෂිකරු දැනුවත්ද යන්නයි.

තමන් ඒ පිළිබද දැනුවත් බවත් ඔහු ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයකු වන අතර ඊශ්‍රාලයේදී මියගිය බවට තොරතුරු ලැබුණු බව ඔහු පසුව සඳහන් කළා.

එමෙන්ම අදාළ කාලවකවානුව තුළ අයි.එස්. සංවිධානය මෙරට තුළ තහනම් සංවිධානයක් නොවූ අතර, එම සංවිධානයට සම්බන්ධ 100 දෙනෙකු මෙරට තුළ රැඳීසිටි බවට තමා දැනුවත් වූ බව සාක්ෂිකරු පැවසුවා.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කළ අතර ජාතික ආරක්ෂාවට ඉස්ලාම් අන්තවාදීන්ගෙන් අවදානමක් ඇතිවිය හැකි බවට සාකච්ඡාවක් පැවති බව සාක්ෂිකරු සඳහන් කළා.

මෙවැනි ආගමික අන්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු විවිධ අංශවලට නොලැබීමට හේතුව කුමක්දැයි කොමිසම විමසුවා.

බුද්ධි අංශ යටතේ අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් පිළිබඳ සෙවීම සඳහා පුහුණු නිලධාරීන් සහ පහසුකම් දෙපාර්තමේන්තුව තුළ තිබුණත් බස්නාහිර බුද්ධි කොට්ඨාසයට එවන් කිසිදු පහසුකමක් නොතිබූ බව සාක්ෂිකරු සඳහන් කළා.

ඒ හේතුවෙන් තමන්ට ඉහළ අංශවලින් කිසිදු ආකාරයක තොරතුරු හුවමාරුවක් සිදුනොවූ බවයි සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස තොරතුරු නොදුන්නේ කවුරුන්දැයි කොමිසම විමසුවා.

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය එලෙස තොරතුරු නොදුන් බවත්, එම අංශ 2 තනි තනිව ගමනක් ගිය නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු තම අංශය වෙත නොලැබුණු බව සාක්ෂිකරු කොමිසමට අනාවරණ කළා.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම සියලු‍ අංශ එක්ව කටයුතු කළ නිසා කෙටිකලකදී සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top