අද රාත්‍රී 10 සිට හෙට පෙරවරු 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය
Tuesday, 26 May 2020 - 20:15 | Views - 719
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය දින 66 කට පසුව අද උදෑසන 5 ට ඉවත් කෙරුණා.

ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අතර, යළි අද රාත්‍රී 10 ට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

එය හෙට පෙරවරු 4 ට යළි ලිහිල් කරන අතර, නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම රාත්‍රී 10 සිට පෙරවරු 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාව වෙනත් ප්‍රදේශවලට වඩා වැඩි වශයෙන් එදිනෙදා කටයුතු සඳහා නගර වෙත පැමිණ තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

එමෙන්ම බොහෝ පිරිසක් දුම්රිය සහ බස් රථවලින් සිය රැකියා සඳහා කොළඹ ඇතුලු ප්‍රධාන නගරවලට පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද දිනයේ දුම්රිය 30 ක් ධාවනයේ යෙදවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

දිවයින පුරා ශ්‍රී ලංගම බස් රථ ධාවනය ප්‍රශස්ත මට්ටමක පැවතුනත් පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් දක්නට ලැබුණා.   

මේ අතර කොළඹ නගරයේ වැඩකටයුතු අද යළි ආරම්භවීමත් සමඟ කොළඹ නගරය ආශ්‍රිතව සේවය කරන නාට්ටාමිවරුන් ඇතුලු පිරිස් දැනුවත් කිරීමට පොලීසිය පියවර ගනු ලැබුවා.

එමෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ කොළඹ නගරයේ සිරවූ තවත් පුද්ගලයින් 2,000 කට ආසන්න පිරිසක් සිය ගම්බිම් වෙත පිටත්කර හැරීම අද සිදු කෙරුණා.

පිළියන්දල, ගල්කිස්ස, නුගේගොඩ ප්‍රදේශවල සිටි මොවුන් පිටත් කර හැරීමට විශේෂ බස් රථ සහ දුම්රියද භාවිත කළ බවයි පොලීසිය සඳහන් කළේ.  

මේ අතර වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන්ගේ විභාග කටයුතු සඳහා විශ්වවිද්‍යාල ජූනි මස 15 වනදා යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මේ බව කියා සිටියා.   

එසේම අගෝස්තු 1 වනදා සිට විදේශ සංචාරකයින්ට ගුවන් තොටුපල විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිවරයාට යෝජනාවක් සිදුකර තිබෙනවා.

එම කාර්ය සාධක බලකාය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.  

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීම පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම අදියර කිහිපයක් යටතේ සංචාරක ක්‍ෂේත්‍රය යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති අතර, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම  හමුදාවේ සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ ආපනශාලා විවෘත කිරීම පිලිබඳවද අවධානය යොමුව ඇති බව සඳහන්. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top