මද්දකට හසුව සිට සොයාගත් කළු කොටියා මුදාගත් මෙහෙයුම මෙන්න (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 20:04 | Views - 839
ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදි මද්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට වනජිවි නිලධාරින් අද පස්වරුවේ (26) සමත් වුණා.

ඒ උඩවලව ඇත් අතුරු සෙවන පශුවෛද්‍ය රෝහලේ වෛද්‍ය මාලක අබේවර්ධන සහ රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙවැනි කළුකොටියෙකු මන්දකට හසු වූ ප්‍රථම අවස්තාව ද මෙය බවයි සඳහන් වන්නේ.

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල වගා භුමියක අටවන ලද මද්දකට අද උදෑසන (26) මෙම කළු කොටියා හසු වී තිබෙනවා.

වතු නිවාස වල සුරතලයට ඇති කරන සුනඛයින් දඩයම් කිරීම සඳහා කළු කොටියා පැමිණි අවස්තාවේදී මෙලෙස මද්දට හසුවන්නට ඇති බවයි වනජිවි නිලධාරීන් පවසන්නේ.

කොටියෙකු කෑගසන ශබ්දය ඇසුණු වතු කම්කරුවන් ඒ පිළිබඳව සොයා බැලීමේදී මද්දට හසු වූ කළු කොටියා දැක ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනජිවි නිලධාරින් පවසන්නේ කළු කොටියා අවුරුදු  8 ක් පමණ වයසැති, දිගින් අඩි 6 ක් සහ උස අඩි 4 ක් පමණ හොදින් වැඩුණු කොටියෙකු බවයි.
 
ජාන විකෘතියක් මත හැදුණු පැන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත්, ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත්, මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බවයි ප්‍රභාෂ් කරුණාතිලක වැඩිදුරටත් පැවසුවා.

ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව කළු කොටියා ශ්‍රි පාද රක්ෂිතයට ම මුදා හැරීමට නියමිත බවයි වාර්තාවන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top