ගුවන්තොටුපොළ සංචාරකයන්ට විවෘත කළයුතු දිනය ගැන යෝජනාව ජනපතිට
Tuesday, 26 May 2020 - 16:16 | Views - 681
රට යථා තත්වයට පත්වෙමින් පැවතීම හේතුවෙන් අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.
බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදීයි මෙය යෝජනා කර ඇත්තේ.
අප්‍රේල් මස 30 වැනිදා සිට අද (26) දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බවයි එම කමිටු සාමාජිකයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
Share This Article