අසනීප බිරිඳ දරුවන්ට බාර දී සැමියා අනියම් පෙම්වතිය එක්ක ස්වයං නිරෝධායනයට ගිහින්
Tuesday, 26 May 2020 - 10:59 | Views - 1,316
අසනීපව සිටින බිරිඳ රැකබලාගැනීමට පිටස්තර සිටින දරු දෙදෙනා නිවසට ගෙන්වා සැමියා සිය කැමැත්තෙන්ම නිරෝධායනය වීමට ගිය පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔහු විවාහක දෙදරු පියෙක්. තම බිරිඳ අංශභාග රෝගය වැළඳී කාලයක සිට නිවසේ රැඳී ප්‍රතිකාර මත පසුවන්නෙක්.
 
ඔහුගේ වැඩිමල් පුතාත්, බාල දියණියත්, විවාහ වී පිට පළාත්වල වාසය කරනවා.
 
ඇඳිරි නීතිය පනවන කාලසීමාව තුළ නිවසේ පසුවූ පියා තම දරුවන් අමතකා කියා ඇත්තේ, අම්මාට අසනීප වී ඇති බැවින් වහාම නිවසට පැමිණෙන ලෙසයි.
 
ඒ අනුව බස්නාහිර පළාතේ ජීවත් වෙන පුතා හා දියණිය වහාම අදාළ පොලිස් ස්ථාන වෙත ගොස් ඇඳිරි නීති බලපත්‍ර සකසාගෙන නිවෙසට පැමිණ ඇත්තේ පියාගේ දැනුවත් කිරීමට අනුව අම්මා අසනීපයෙන් පසුවන නිසා ඇයට ප්‍රතිකාර ලබා දී ඇය රැකබලා ගැනීමටයි.
 
දුව දරුවන් හා විවාහක බෑනා සමඟින්ද අලුත විවාහක පුතු තම ලේලිය සමඟින්ද නිවසට පැමිණි පසුව පියා හදිසියේ නිවසින් අතුරුදහන්ව තිබෙනවා.
 
ඒ ගැන සොයා බැලීමේදී පියා අනියම් ඇසුරක් පවත්වන විවාහයෙන් වෙන්ව සිටින එක්දරු මවකගේ නිවසට ගොස් ඇති බවත්, ඇය ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බැවින්, එහි ගිය මෙම තැනැත්තා ද මහජන පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් දින 14කට එහි ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් තම දරුවන්ට එහිදී දැන ගන්නට ලැබී තිබෙනවා.
 
ඒ පිළිබඳව දරුවන් පොලිසියට පැමිණිලි කිරීමට ගොස් ඇතත්, දින 14 කාලය ඉක්මවා යනතුරු සිද්ධිය සම්බන්ධව පැමිණිල්ල විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පොලිසිය පැවසීමෙන් අනතුරුව දරුවන්ගේ පියා හිතාමතාම දරුවන් නිවසට කැඳවා සිය කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනට ලක්ව ඇති අනියම් ඇසුර පවත්වන එම නිවසට ගොස් ඇති බවට එම දරුවන්ට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
 
උපුටා ගැනුම - ලංකාදීප පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top