ඉන්දීය ටෙලි නිළිය හමුවීමට ඉන්දියාවට යාමට නොහැකිව, සිත් තැවුලට පත් තරුණියක් සියදිවි හානිකර ගනී
Tuesday, 26 May 2020 - 8:21 | Views - 537
යාපනය, චුන්නාකම්, කොට්ටේකාඩු ප්‍රදේශයේ තරුණියක් සිය සිරුරට ගිනිතබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

26 හැවිරිදි තරුණියක් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි චුන්නාකම් පොලිසිය පැවසුවේ.

දකුණු ඉන්දීය ටෙලිනාට්‍ය මාලාවක රංගනයේ යෙදෙන නිළියක් හමුවීමට ඉන්දියාට යාමට නොහැකි වීම නිසා සිත් තැවුලට පත්ව ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි  චුන්නාකම් පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

සිරුරට ගිනි තබාගත් තරුණිය යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 24 වනදා ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීට පෙරද අදාල තරුණිය දකුණු ඉන්දීය නිළිය හමුවීමට අවශ්‍ය බව පවසමින් ඇයගේ දෙමාපියන්ට බලපෑම් කර සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top