ඉන්දීය ටෙලි නිළිය හමුවීමට ඉන්දියාවට යාමට නොහැකිව, සිත් තැවුලට පත් තරුණියක් සියදිවි හානිකර ගනී
Tuesday, 26 May 2020 - 8:21 | Views - 538
යාපනය, චුන්නාකම්, කොට්ටේකාඩු ප්‍රදේශයේ තරුණියක් සිය සිරුරට ගිනිතබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
26 හැවිරිදි තරුණියක් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි චුන්නාකම් පොලිසිය පැවසුවේ.
දකුණු ඉන්දීය ටෙලිනාට්‍ය මාලාවක රංගනයේ යෙදෙන නිළියක් හමුවීමට ඉන්දියාට යාමට නොහැකි වීම නිසා සිත් තැවුලට පත්ව ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි චුන්නාකම් පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.
සිරුරට ගිනි තබාගත් තරුණිය යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 24 වනදා ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීට පෙරද අදාල තරුණිය දකුණු ඉන්දීය නිළිය හමුවීමට අවශ්‍ය බව පවසමින් ඇයගේ දෙමාපියන්ට බලපෑම් කර සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article