ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 8:15 | Views - 711
කොරෝනා වෛරසයට අත්දුටු ප්රත්යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශ කළ හයිඩ්රොක්සි - ක්ලෝරොක්වින් හෙවත් මැලේරියා ඖෂධයේ සායනික පරීක්ෂාවන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අත්හිටුවා තිබෙනවා.
ඒ, එහි අනතුරුදායකබව පිළිබඳ වෛද්‍ය මත පළ වීම හේතුවෙන්.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස රටවල් කිහිපයක සිදුකළ එම ඖෂධයේ පරීක්ෂාවන් නතර කළ බවයි.
මෙම මැලේරියා ඖෂධය ලබාදුන් කොවිඞ් නයින්ටීන් ආසාදිත රෝගීන් මිය යාමේ අවස්ථාවන් ඉහළ යන බව නවතම වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.
ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් අතලොස්සක් සිටියදී ජනපති ට්‍රම්ප් හයිඩ්රොක්සි - ක්ලෝරොක්වින් ඖෂධයෙන් වෛරසය තුරන් කළ හැකි බව ප්‍රකාශ කරමින් එය ප්‍රවර්ධනය කිරීමේ නිරත වුණා.
මේ වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17 ලක්ෂය ඉක්මවා ඇති අතර, එරට කොරෝනා මරණ 99,805ක් ලෙස ලක්ෂය ආසන්නයට පැමිණ තිබෙනවා.
Share This Article