ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 8:15 | Views - 712
කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශ කළ හයිඩ්‍රොක්සි - ක්ලෝරොක්වින් හෙවත් මැලේරියා ඖෂධයේ සායනික පරීක්ෂාවන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අත්හිටුවා තිබෙනවා.

ඒ, එහි අනතුරුදායකබව පිළිබඳ වෛද්‍ය මත පළ වීම හේතුවෙන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස රටවල් කිහිපයක සිදුකළ එම ඖෂධයේ පරීක්ෂාවන් නතර කළ බවයි.

මෙම මැලේරියා ඖෂධය ලබාදුන් කොවිඞ් නයින්ටීන් ආසාදිත රෝගීන් මිය යාමේ අවස්ථාවන් ඉහළ යන බව නවතම වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් අතලොස්සක් සිටියදී ජනපති ට්‍රම්ප් හයිඩ්‍රොක්සි - ක්ලෝරොක්වින් ඖෂධයෙන් වෛරසය තුරන් කළ හැකි බව ප්‍රකාශ කරමින් එය ප්‍රවර්ධනය කිරීමේ නිරත වුණා.

මේ වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17 ලක්ෂය ඉක්මවා ඇති අතර, එරට කොරෝනා මරණ 99,805ක් ලෙස ලක්ෂය ආසන්නයට පැමිණ තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top