සෞඛ්‍ය අමාත්‍යාංශය තවත්, මාර්ගෝපදේශ 50ක් නීතිගත කරයි
Tuesday, 26 May 2020 - 7:58 | Views - 1,376
රට සාමාන්‍යකරණයට ලක් කිරීමේදී ආයතනවල සේවක මණ්ඩලයේ සියළු දෙනා සේවයට වාර්තා කළ යුතු බවට අනිවාර්ය කිරීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
එහිදී ආයතන ප්‍රධානීන් විසින් තම සේවකයින් කොපමණ ප්‍රමාණයක් කැදවිය යුතු ද යන්න තීරණය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩි ජන ඝනත්වයක් පවතින හෙයින් ඒ පිළිබදව ද අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.
මේ අතර, කොරෝනා වෛරසය තවදුරටත් තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකසන ලද තවත් මාර්ගෝපදේශ 50ක් නීතිගත කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.
Share This Article