මෙරට කොරෝනා ආසාදනය වී මියගිය 10 වැන්නා කුවෙට් සිට පැමිණි පයාගල පදිංචි කාන්තාවක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 20:54 | Views - 7,792
මෙරට 10 වන කොවිඩ් 19 මරණය ලෙස වාර්තා වුණේ කුවෙට් සිට මෙරටට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි
කාන්තාවක්.
51 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන ඇය පසුගිය 20 වනදා මෙරට පැමිණ තිබෙනවා.
නිරෝධායන මධ්‍යස්ථානයේ දී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඇයට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කර ගැණුනේ එහිදී සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයේදීයි.
ඇගේ දේහය මේවන විට ත්‍රිකුණාමලය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති ජාත්‍යන්තර නිරෝධායන නීති වලට අනුව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
Share This Article