කොරෝනා මාරයා පෙනී පෙනී ආබාධිත පියා රැගෙන 1200kmක් පා පැදියෙන් ගිය දිරිය දියණිය
Monday, 25 May 2020 - 16:26 | Views - 1,300
දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ නගර සහ ප්‍ර දේශ වසා දැමීමට කටයුතු කළ පසුබිමක කිලෝ මීටර් 1200 ක දුරක් තම ආබාධිත පියා රැගෙන පාපැදියකින් ගමන් කළ දැරියක් පිලිබඳව ලෝක අවධානය යොමුව තිබෙනවා.
බිහාර් ප්‍රාන්තයේ පදිංචි ජෝති කුමාරි නමැති 15 හැවිරිදි දැරියගේ මෙම ක්‍රියාව අමෙරිකානු ජනපති දියණි ඉවන්කා ට්‍රම්ප්ගේද පැසසුමට ලක්ව ඇති අතර ඉන්දීය පාපැදි සම්මේලනයද ඇයට ඇරයුම් කර තිබෙන්නේ ජාතික කණ්ඩායමට එක්වන ලෙසයි.
කෙසේ වෙතත් අදාළ දැරිය ද හින්දු පුවත්පතට පවසා ඇත්තේ පළමුව තම අධ්‍යාපන කටයුතු නිමා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.
Share This Article