මීටර එකහමාරක් දුරින් ඉන්න, එහෙම නොවුණොත් ඇඟ ගැහෙන්න පටන් ගනියි - කොරෝනාවලින් බැට කෑ ඉතාලියෙන් ඇහෙන අලුත්ම පුවත
Monday, 25 May 2020 - 14:08 | Views - 3,922
සති දහයකට වැඩි කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමුණු ඉතාලිය පසුගිය 22 වනදා යළි විවෘත කරනු ලැබුවා.

මෙම විවෘත කිරීම සෞඛ්‍ය උපදෙස් මත සිදු කර ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
එමෙන්ම මේ වනවිට එරට ප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන The Accademia Carrara කෞතුකාගාරය ද ජනතාවට විවර කරනු ලැබුවා.
 
මෙම කෞතුකාගාරය තුළ පැමිණෙන පිරිස් වෙත විශේෂ ඉලෙක්ට්‍රෝනික උපාංගයක් ද ප්‍රවේශ පත්‍ර සමග ලබාදීමටයි එහි පාලනාධිකාරිය කටයුතු කර ඇත්තේ.
 
mandatory device ලෙස හදුන්වන මෙම උපාංගය මගින් පුද්ගලයින් මීටර 1.5 ක දුරකින් නොසිටින්නේ නම් අනතුරු ඇඟවීමක් සිදු කරනු ලබනවා.
 
එවිට ශරීයයට කම්පනයක් දැනෙනවා මෙන්ම එම උපකරණය හරහා LED ආලෝක ධාරවක් විහිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
එමෙන්ම කෞතුකාගාරය තුළට ඇතුළු විය හැකි පිරිස් සීමා කිරීමට සහ මුඛ ආවාරණ අනිවාර්ය කිරීමට ද එහි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
 
මෙලෙස පැමිණෙන පිරිසකගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු බවත්, තමන් සතුව පවතින ගමන් මළු වැනි දෑ කෞතුකාගාරයේ වෙනම කුටියක් වෙත භාරදී යා යුතු බවත් සඳහන්.
 
එමෙන්ම එහි විදුලි සෝපානය විශේෂ අවශ්‍යතා ඇති පිරිස් සහ ආබාධිත සදහා පමණක් භාවිත කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.
 
කෞතුකාගාරය තුළ තැනින් තැන සනීපාරක්ෂා ද්‍රාවණ මෙන්ම අත් පිරිසිදු කිරීමට අවශ්‍ය ජලය තැබීමට ද පියවර ගෙන තිබෙනවා.
 
මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය තුළ පුද්ගල මරණ 32,785 ක් වාර්තා වුණා.
 
එරට තුළ තහවුරු කරගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 229,858 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top