හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට
Monday, 25 May 2020 - 13:45 | Views - 1,259
හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.
කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ ඉකුත් වසර වල පන්දු යවන්නෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛ නමැති ක්‍රීඩකයායි.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ශෙහාන් මදුසංක සහභාගී වූ පළමු තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමටද සමත් වුණා.
Share This Article