අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩූ 1,710ක් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 13:21 | Views - 548
අද (26) උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1,710 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලසීමාව තුළ වාහන 557 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

පසුගිය මාර්තු 20 වනදා සිට පැනවූ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 64,387 දෙනෙකු සහ වාහන 18,169 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් ඊයේ (25), යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ, කෝපායි - උරුම්බිරායි මංසන්ධියේ කෝපායි යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් පවත්වාගෙන යන හමුදා මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් යුද හමුදා නිලධාරීන් තල්ලු කර දමා පලාගොස් තිබුණා.

කෝපායි පොලීසිය සිදුකළ විමර්ශනයක් අනුව අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් යාපනය - අනලතිව්, සන්දිලිප්පායි සහ ඉරුපාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර යාපනය - කන්කසන්තුරේ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට තියුණුු ආයුධයකින් පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා යාපනය - මාවෙයිකලට්ටි අලූත් කොළණිය ප්‍රදේශයට පෙරේදා රාත්‍රියේ ගොස් තිබුණේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි.

එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් මෙම උප පොලිස් පරීක්ෂකවරයාට පහරදී ඇති අතර, ඔහු සමඟ ගිය අනෙක් පොලිස් නිලධාරියා පලාගොස් දිවි බේරාගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top