මරණය ජයගත් කිම්, අන් රටවලට අනතුරු අඟවමින් න්‍යෂ්ඨික අවි හදිසි සාකච්ඡාවක් පවත්වයි
Monday, 25 May 2020 - 9:54 | Views - 721

ලෝකයේම අවධානය යොමුවූ, මිය ගියා යැයි පැවසෙන උතුරු කොරියානු නායක කිම් ජොන් අන් නැවත වතාවක් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ පෙනී සිට තිබෙනවා.
36 හැවිරිදි ඒකාධිපති පාලකයා ලෝකයෙන්ම අස්ථානගත වූ පුවතත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහුගේ මොළයේ සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව ඔහු මිය ගිය බවයි.
එමෙන්ම... දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පැවසුවේ, කිම් ජොන් කොරෝනාවට බයෙන් සැඟවී සිටින බවයි. එමෙන්ම... ඔහුට කොරෝනා වැළඳී ඇති බවටද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් ගුප්ත රාජ්‍යයක් ලෙස හඳුනා ගැනෙන උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ අතර ඒ සමඟම මැයි මස පළමු වැනි දින ලෝකයම නැවත වතාවක් තමන් වෙත නතු කර ගනිමින්, කිම් ජොන් ප්‍රසිද්ධියේ සිටින ඡායාරූප පෙළක් එරට මාධ්‍ය වාර්තා කර සිටියා.
ඒ... ඔහු පොහොර කම්හලක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වූ බව පවසමිනුයි...
හදිසියේ කිම් ජොන් විසින් නැවත වතාවක් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ පෙනී සිට ඇති අතර ඔහු එහිදී හමුදාව සන්නද්ධ කිරීම ගැනත්, න්‍යෂ්ඨික හැකියාවන් වැඩිදියුණු කිරීම ගැනත් විශේෂයෙන් සඳහන් කළ බවයි, ඩේලිමේල් වාර්තා කරන්නේ.
විදේශීය බලවේගයන්ට එරෙහිව කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කළ බවද වාර්තා වනවා.
මෙය ලෝකයට කරන යම් අනතුරු ඇඟවීමක් බව ද සඳහන්. කිම් ප්‍රසිද්ධියේ පෙනී සිට දිනකට පසු දකුණු කොරියානු සහ උතුරු කොරියානු දේශ සීමාවේද වෙඩි හුවමාරුවක් සිදු වුණා.
කෙසේ වෙතත්.... කිම් ගැන කටකතා බොහෝමයක් මධ්‍යයේ ඇතැම් පිරිස් පැවසුවේ ඔහුගේ මරණය ගැන නිවේදනයක් නුදුරේදීම අසන්නට ලැබෙන බවයි. එහෙත් ඒ සියළු කතන්දර බොරුවක් වූයේ කිම් නැවත වතාවක් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමත් සමඟයි.
දකුණු කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී කම් බියුන්ග්-කී කියා සිටියේ, උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය පිළිබඳව කිසිම ගැටළුවක් නොමැති බවයි, අඩුම ඔහුට ශල්‍යකර්මයක් හෝ නොකර ඇති බවයි ඔහු පැවසුවේ.
මේ අතර... උතුරු කොරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ කිම් ජොන් විසින් එරටින් හමුවූ ආසාදිතයින් ඝාතනය කරන්නට ඇති බවයි..
Dailymail ඇසුරිනි.
Share This Article