අධික වේගයෙන් පැදවූ යතුරුපැදිය ගේට්ටුවක ගැටී 30 හැවිරිදි බුද්ධිකට ජීවිතය අහිමි වූ හැටි CCTV කැමරාවේ සටහන් වෙයි
Monday, 25 May 2020 - 8:39 | Views - 16,059
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ගේට්ටුවක ගැටි සිදු අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසනවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් ඩන්බාර් විදියේ පදිංචි ප්රසාද් බුද්ධික නිරෝෂන් (30) හැවිරිදි තරුණයෙක්.
ජිවිතක්ෂයට පත් තරුණයා යතුරුපැදිය සොදා නිවස වෙත ධාවනය කරවන අවස්තාවේ අතුරු මාර්ගයක පිහිටි නිවසක ගේට්ටුවක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, යතුරුපැදිය ලිස්සාගොස් ගේට්ටුවේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබු තරුණයා රෝහල් ගත කරන විටත් ජිවිතක්ෂයට පත් වී ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
Share This Article