එකට හැදි වැඩුණු සොහොයුරාගේ සහ බිරිඳගේ පාපොච්චාරණය මෙන්න - Photos
Sunday, 24 May 2020 - 21:44 | Views - 1,312

කහවත්ත කොටකෙතන ඕපාත මාර්ගයේ නිවෙසක 42 හැවිරිදි තිදරු පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු සමග හැදි වැඩුණු සොහොයුරාත් එම පුද්ගලයාගේ බිරිඳත් කහවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනිමත් සමග ඝාතනයේ සුළමුළ සොයා ගත් බව කහවත්ත පොලිසිය පවසනවා.
පසුගිය කාලයේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිදු වු මිනිමැරුම් සහ මෙම සිදුවිම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද ප්‍රදේශයේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැති බවද පොලිසිය අවධාරණය කරනවා.
ඝාතනය කෙරුණු පුද්ගලයාගේ මව සහ පියා විසින් දරුකමට හදා වඩාගත් තැනැත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය අයත් සැකකරුත් කුඩා කළ සිට එකට ජිවිත් වි ඇති අතර ඔවුන් අතර මීට පෙරදි කිසිදු ආරවුලක් නොතිබු බවද පරික්ෂණ වලදි හෙළිවී තිබෙනවා.
සැකකාර 25 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ 21 හැවිරිදි බිරිඳ ඝාතනයට ලක්වු අයගේ නිවසට පැමිණ 19 වනදා රාත්‍රීයේ එහි නතරවී ඇතැයි වාර්තා වුණ.
එදින රෑ මියගිය පුද්ගලයා තම බිරිඳ දුෂණය කිරිමට උත්සාහ ගත් නිසා ඔහුට පහරදුන් බව සැකකරු පොලිසිය ට ප්‍රකාශයක් කර තිබෙනවා.
මෙම ඝාතනය සිදුවෙන අවස්ථාවේදී මියගිය අයගේ බිරිඳ සහ දරු තිදෙනා නිවසේ නොසිටි බව පොලිසිය පවසනවා.
පසුගිය 22 වනදා මියගිය අයගේ බිරිඳ කහවත්ත පොලිසියට පැමිණිලි කර තිබුණේ තම සැමියා නිවසේ නැති බවත් නිවසේ වැසිකිළිවළ දෙසින් දුගඳක් හමන බවත් වැසිකිළිවලේ කොටසක් කඩා සැමියාගේ සිරුර ඒ තුළට දමා ඇතැයි විශ්වාස කරන බවයි.
ඒ අනුව මිනිස් සිරුරක් වැසිකිළි වළේ ඇතැයි පොලිසිය සොයා ගැනිමෙන් පසු සිරුර ගොඩගැනිමට කටයුතු කෙරිණා.
වැසිකිළි වළෙන් දුගදක් හමන බවට මුලින්ම පවසා ඇත්තේ මියගිය තැනත්තා ගේ සොහයුරියක් ව්සිනි. ඒ ඉකුත් 22 වනදා යි.
එහි සිටියදි සැකකරු සහ ඔහුගේ බිරිඳ කහවත්ත පොලිසිය ඊයේ (23) අත්අඩංගුවට ගත්තා.
කහවත්ත එල්.නිරෝෂණ - මව්බිම
Share This Article