තුර්කියේ අවුරුදු 126ක මිත්තණියක්, කොරෝනාව ජය ගනී
Sunday, 24 May 2020 - 21:40 | Views - 1,126

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් මරණ ලක්ෂයකට ආසන්න වද්දී, නිව්යෝක් ටයිම්ස් පුවත්පත අද සිය මුල් පිටුවේ කොරෝනා වෛරසයෙන් මිය ගිය දහසකගේ නම් ඇතුළත් මරණ දැන්වීමක් ප්‍රකාශයට පත් කර තිබුණා.
එහි සඳහන් කර ඇත්තේ මෙයින් ඇමරිකාවේ කොවිඞ් නයින්ටීන් වෛරසයට ගොදුරුවූවන්ගෙන් සියයට 1ක් පමණක් නියෝජනය කරන බවයි.
එම එකදු නමක් හෝ අංකයක් පමණක් ලෙස සැලකිය නොහැකි බවයි පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 98,683 ක් ලෙස සටහන් වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව දහසය ලක්ෂ 66,000 ඉක්ම වනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී සුවපත් වූ ලොව වයස්ගතම තැනැත්තිය පිළිබදව තුර්කියෙන් වාර්තා වනවා.
නිළ වාර්තා අනුව වයස අවුරුදු 126ක් වන එසේ ගෙබෙලෙක් නැමති ඇයට දරුවන් 13 දෙනෙකු සහ මුණුපුරු, මිණිපිරියන් 400කට අධික පිරිසක් සිටින බව සඳහන්.
කොරෝනා වෛරසයෙන් සුවපත් වී රෝහලෙන් නික්මුණු ඇය තවත් සති දෙකක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසය ආසාදනය වී සුවපත් වූ වයස්ගතම තැනැත්තිය ලෙස මීට පෙර වාර්තා වූයේ ඊසානදිග ස්පාඤ්ඤයේ 113 හැවිරිදි කාන්තාවක්.
Share This Article