පාස්කු ප්‍රහාරය ගැන තවත් හෙළිදරව්වක්
Sunday, 24 May 2020 - 13:29 | Views - 781
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදි කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කර තිබුණත් එය ව්‍යර්ථ වූ බවට පුවත් පැතිර ගියා.

එදින ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සහ කළ පුද්ගලයා ප්‍රහාරයට පෙර දිනයේත් හෝටලයට පැමිණ පිටව ගොස් ඇති බව එම ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළිව තිබෙනවා.

අදාළ පුද්ගලයා හෝටලය තුළ සැකකටයුතු ලෙස හැසිරෙන ආකාරය ද ආරක්ෂක කැමරා දර්ශනවලින්ද පැහැදිළිවන කරුණක්.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ටාජ් සමුද්‍රා හෝටලයේ කලාප ආරක්ෂක කළමණාකරු එස්.අයි. සුජිව ප්‍රනාන්දු ඊයේ සාක්ෂි ලබාදුන් අතර, එහිදී ඔහු සඳහන් කළේ, සාමාන්‍යයෙන් හෝටලයට පැමි‍ණෙන සියලූ‍ අමුත්තන්ගේ තොරතුරු ලබාගන්නා බවයි.

ආරක්ෂක හේතූන් මත වසර කිහිපයක සිට සිදුකරගෙන යන ආකාරයට අප්‍රේල් 20 වැනිදාත් හෝටලයේ රැඳී සිටි පිරිසගේ නාමලේඛණය රාත්‍රි 12න් පසුව සකස්කර රාජ්‍ය බුද්ධි අංශයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමු කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයෙකු පිළිබඳව 823533241V යන හැදුනුම්පත් අංකය යටතේ සටහන්ව තිබුණේ ද යන්න කොමිසම එහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, අදාල ලේඛණයේ සඳහන්ව තිබුණේ එම පුද්ගලයාගේ නම පමණක් බවයි.

ජාතික හැදුනුම්පත් අංකය සටහන් කර නොතිබූ නමුත් හැඳුනුම්පතේ ඡායාපිටපතක් ලබාගෙන තිබූ බවත් ඔහු සඳහන් කළා.

අදාළ පුද්ගලයා අප්‍රේල් 20 වනදා සවස 4.53ට පමණ ඇදගෙන යාහැකි ආකාරයේ ගමන් මල්ලක් සමඟ හෝටලය තුළට පැමිණෙන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන බවද සාක්ෂිකරු සඳහන් කළා.

ඒ අනුව ඔහු ලබාගෙන තිබුණේ, හෝටලයේ අංක 365 කාමරයයි.

පැයකට පමණ පසු ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයා යලි හෝටලයෙන් පිටව යන ආකාරය ආරක්ෂක කැමරාවල දක්නට ලැබෙන බව සාක්ෂිකරු සඳහන් කළා.

එහිදී ඔහු සතුව රැගෙන ආ ගමන් මල්ල දක්නට ලැබී නැහැ.

ඔහු පිටව ගොස් ඇත්තේ වෙනත් වාහනයකින් බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එදින රාත්‍රියේ එම පුද්ගලයා ආපසු හෝටලයට පැමිණ නොමැතිි අතර, ඔහු යලිත් හෝටලයට පැමිණියේ පසුදින එනම් ප්‍රහාරය සිදුවූ අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ බව සාක්ෂිකරු සඳහන් කළා.

පෙර දිනයේ ලබාගත් කාමරයට ඇතුලූ‍වන ජමිල් මොහමඞ් සුළු වෙලාවකට පසු විශාල ගමන් මල්ලක් සහ තවත් පිටේ එල්ලාගත් මල්ලක් සමග කාමරයෙන් පිටතට පැමිණ ඇති අතර, පෝට්ස් ඔෆ් කෝල් ආපන ශාලාව දෙසට ගමන් කරන අවස්ථාවේදී එහි සිටි නිලධාරියෙකු විශාල ගමන් මල්ල ගෙන යාමට ඔහුට ඉඩ ලබා දී නැහැ.

පසුව ආපනශාලවට ඇතුළුවන එම පුද්ගලයා ඒ තුළ කිහිපවරක් ගමන් කර යම් ක්‍රියාවක් සිදු කිරිමට උත්සහ ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව ආරක්ෂක කළමනාකරු කොමිසම හමුවේ සඳහන් කළා.

අනතුරුව ආපනශාලවෙන් පිටතට පැමිණෙන ජමිල් මොහමඩ් නැවත වරක් කාමරය තුලට ගමන් ගෙන ඇත්තේ විශාල ගමන් මල්ල ආපනශාලා පිවිසුම අසළ තිබෙන්නට හරිමින්.

පසුව කාමරය තුළ තිබු තවත් ගමන් මල්ලක් රැගෙන පිටතට පැමිණෙන ඔහු යලිත් ආපනශාලවට ඇතුළුවන අතර එහිදි ද විශාල ගමන් මල්ල පිවිසුම අසල සිටි නිලධාරියා විසින් රඳවා ගත් බව ආරක්ෂක කළමනාකරු සඳහන් කළා.

එමෙන්ම හෝටලයේ ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ, යලිත් ආපනශාලව තුළට ඇතුලූ‍වන  ජමිල් මොහමඞ් නැවත වරක් යම් ක්‍රියාවක් සිදු කිරිමට උත්සාහ කරන අතර ආරක්ෂක කැමරාවක් අසල මේසයක් ලග වාඩිවී කරේ දමා සිටි බෑගය නිරික්ෂණය කරන ආකාරය දක්නට ලැබුණු බවයි.

පසුව ඔහු කරේ දමා සිටි බෑගයක් සහ ඇදගෙන යාහැකි බෑග් දෙකක් රැගෙන හෝටලයෙන් පිටත ගාලූ‍පාර දෙසට පැමිණ ත්‍රිරෝද රථයකට නැග ගමන් කරන ආකාරයද ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ බව ආරක්ෂක කළමනාකරු සඳහන් කළා.

අනතුරුව කොමිසම ප්‍රශ්න කළේ, ජමිල් මොහමඩ් ආරක්ෂක කැමරා මගහැරිමට උත්සහ ගත් බව හැගුනේද යන්නයි.

එවැන්නක් සිදුකළ හැක්කේ ආරක්ෂක කැමරා පිලිබඳව දැනුවත් භාවයකින් සහ පෙර පුහුණුවීමකින් පසුව බව සාක්ෂිකරු කියා සිටියා.

අනතුරුව කොමිසම ප්‍රශ්න කළේ, මෙම පුද්ගලයා මීට පෙර තම හෝටලයට පැමිණ ඇද්ද යන්නයි.

2019 අප්‍රේල් 17වැනිදා වෙනත් අයෙකු පැමිණ මෙම පුද්ගලයා ලැගුම්ගෙන සිටි කාමර පිළිබඳව විමසූ බවට සාක්ෂිකරු පිලිතුරු ලබාදුන්නා.

ඉන්පසු කොමිසම විමසා සිටියේ ප්‍රහාරයක් පිළිබඳ ඉන්දීය බුද්ධි අංශ මගින් දැනුවත් කර තිබු කාරණය ඔහු දැනුවත්ව සිටියේද යන්නයි.

සාක්ෂිකරු ඊට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඔහු දැනුවත්ව නොසිටි බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කොමිසම හමුවේ පෙර සදහන් කර තිබූ පරිදි 21වනදා ප්‍රභූ පංතියේ පිරිස් හෝටලයේ රැදි සිටියේදැයි කොමිසම ප්‍රශ්න කළ අතර, ඊට සාක්ෂිකරුගේ පිළිතුර වූයේද නොමැත යන්නයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top