මව මගහැරුණු අලි පැටවෙකු වනජීවී නිලධාරීන් භාරයට (වීඩියෝ)
Sunday, 24 May 2020 - 9:53 | Views - 720
මව මගහැරුණු මාසයක් පමණ වයසැති අලි පැටවෙකු වව්නියාව වනජීවී කාර්යාලයට රැගෙන විත් තිබෙනවා.
මවගෙන් මිදුණු අලි පැටවා වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බලකා මුරපොළක් වෙත පැමිණ තිබුනා.
එහිදී සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ බෝගස්වැව පොලිස් නිලධාරීන් විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කර අලි පැටවා අල්ලාගෙන වනජීවී කාර්යාලයට රැගෙන විත් ඇතැයි සඳහන්.
මෙම අලි පැටවාගේ මව සොයා ගැනීමට උත්සාහ කරන අතර එය නොහැකි වුවහොත් එම සත්වයා අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලය වෙත භාරදෙන බව වනජීවී නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
මව මියයාම හෝ වෙනත් අනතුරකට ලක්වීම හේතුවෙන් මෙම අලි පැටවා අතරමංවී ඇත් ද යන්න පිළිබඳව ද වනජීවී නිලධාරීන් පරීක්ෂණ සිදු කරනවා.
Share This Article