වසර 148කට පසු මෙරටදී පැටවුන් බිහි කළ "සිලූටු දෑ තුඩුවා" රකින්න පියවර කිහිපයක්
Sunday, 24 May 2020 - 9:46 | Views - 1,269
රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බූන්දල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පැටවුන් බෝ කර ඇති බවට වාර්තා වූ සංක්‍රමණික පක්ෂියෙක් වන "සිලූටු දෑ තුඩුවා" පක්ෂි විශේෂය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව උද්‍යාන භාරකරු අජිත් ගුණතුංග ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සඳහා ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන බවයි. අදාළ පක්ෂි විශේෂය දැනට වාසස්ථාන ලෙස භාවිත කරන ප්‍රදේශය, බූන්දල ජාතික වනෝද්‍යානයේ සංචාරක ජිප් රථ ගමන් කෙරෙන අතුරු මාර්ගයකයි පිහිටා ඇත්තේ.

කෙසේ වෙතත්, මේ වනවිට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වනෝද්‍යානය වසා දමා තිබෙනවා.

එය යළි සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් පසුව ද සංචාරක ජිප් රථ ගමන් කෙරෙන අදාළ අතුරු මාර්ගය සිලූටු දෑ තුඩුවා පක්ෂින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වසා තැබීමට පියවර ගන්නා බවයි උද්‍යාන භාරකරු අජිත් ගුණතුංග සඳහන් කළේ.

සංක්‍රමණික පක්ෂියෙක් වන සිලූටු දෑ තුඩුවා බූන්දල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පැටවුන් බෝ කර ඇති බව පසුගිය 21 වනදා අනාවරණ වී තිබුණා.

අදාළ සංක්‍රමණික පක්ෂි විශේෂය ශ්‍රී ලංකාව තුළ පැටවුන් බෝ කිරීම සිදුකර ඇත්තේ වසර 148කට පසුව වීම විශේෂත්වයක් බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top