කොරෝනා සමග ලොවපුරා මානසික සෞඛ්‍ය පිරිහී ඇතැයි කේම්බ්‍රිජ් සරසවිය කියයි
Sunday, 24 May 2020 - 8:58 | Views - 749

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍යයට ඉහළ බලපෑමක් ඇති විය හැකි බව කේම්බ්‍රිජ් සරසවියේ මනෝ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය එඩ්. බුල්මෝ ප්‍රකාශ කර තිබෙනවා.
මේ නිසා ආර්ථික අවපීඩනයට සහ දරිද්‍රතාවයට මුහුණදුන් පුද්ගලයින් මෙන්ම කොරෝනා මර්දන කටයුතුවලට සහභාගි වී සිටින සෞඛ්‍ය අංශ නිලධාරින් පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
මෙහිදී පවුල් තුල ඇති වන ගැටලූ, විරැකියාව, පාළුව සහ හුදකලාව සහ මානසික පීඩනය මෙන්ම තමා විසින් තමාටම හානි කර ගැනීම දෑ සිදුවීම් ඉහළ යා හැකි බවයි එම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර, ඉන්දියාවේ ද මානසික පීඩාවට ලක්වූවන්ගේ ප්‍රමාණය සියයට 20කින් ඉහළ ගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
රැකියා අහිමිවීම, ආර්ථික ගැටලූවලට මුහුණපෑම සහ ණය ගැටලූ ඊට හේතුව බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය කටයුතු කිරීමත් සමග පාලනයකින් තොරව නිදහස භුක්ති විදීමට කටයුතු නොකරන ලෙස මනෝ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය රූමි රූබන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ලැබෙන නිදහස පාලනයක් සහිතව භුක්ති විදීමට ජනතාව කටයුතු කරන ලෙසයි.
Share This Article