කොරෝනා සමග ලොවපුරා මානසික සෞඛ්‍ය පිරිහී ඇතැයි කේම්බ්‍රිජ් සරසවිය කියයි
Sunday, 24 May 2020 - 8:58 | Views - 750
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍යයට ඉහළ බලපෑමක් ඇති විය හැකි බව කේම්බ්‍රිජ් සරසවියේ මනෝ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය එඩ්. බුල්මෝ ප්‍රකාශ කර තිබෙනවා.

මේ නිසා ආර්ථික අවපීඩනයට සහ දරිද්‍රතාවයට මුහුණදුන් පුද්ගලයින් මෙන්ම කොරෝනා මර්දන කටයුතුවලට සහභාගි වී සිටින සෞඛ්‍ය අංශ නිලධාරින් පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙහිදී පවුල් තුල ඇති වන ගැටලූ, විරැකියාව, පාළුව සහ හුදකලාව සහ මානසික පීඩනය මෙන්ම තමා විසින් තමාටම හානි කර ගැනීම දෑ සිදුවීම් ඉහළ යා හැකි බවයි එම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉන්දියාවේ ද මානසික පීඩාවට ලක්වූවන්ගේ ප්‍රමාණය සියයට 20කින් ඉහළ ගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

රැකියා අහිමිවීම, ආර්ථික ගැටලූවලට මුහුණපෑම සහ ණය ගැටලූ ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය කටයුතු කිරීමත් සමග පාලනයකින් තොරව නිදහස භුක්ති විදීමට කටයුතු නොකරන ලෙස මනෝ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය රූමි රූබන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලැබෙන නිදහස පාලනයක් සහිතව භුක්ති විදීමට ජනතාව කටයුතු කරන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top