විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට (වීඩියෝ)
Sunday, 24 May 2020 - 8:46 | Views - 533
අත්තිඩිය බෝ සෙවණ මාවත ප්රදේශයේදී ගිනි අවියක් සහ ජීව උණ්ඩ කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ඊයේ කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.
එහිදී විදේශයක නිශ්පාදිත ගිනි අවිය ජීව උණ්ඩ 4ක් සහ මැගසිනයක් සොයාගෙන තිබෙනවා.
සැකකරුගේ නිවසෙහි නාන කාමරය තුල රහසිගත ස්ථානයක ගිනි අවිය සහ උණ්ඩ සඟවා තිබී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
67 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article