අද සහ හෙට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලූ දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලූයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මැයි 26 වන අගහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වන බවයි.
ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්නගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඇදිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් දියත් කරන බවයි.
එසේම, දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක අද සහ හෙට සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.