90 දෙනෙකු රැගත් ගුවන්යානයක් කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී කඩා වැටෙයි
Friday, 22 May 2020 - 16:20 | Views - 3,824
පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී පුද්ගලයන් 90 දෙනෙකු රැගත් ගුවන්යානයක් කඩා වැටී තිබෙනවා.
ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබු යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.
කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට 320 වර්ගයේ මෙම යානය කඩා වැටී තිබෙනවා.
අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article