සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සව පවත්වන ලෙසට දැනුම්දීමක්
Friday, 22 May 2020 - 16:03 | Views - 695
සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙසට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කොවිඩ් 19 වෛරසය මේවන විට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින බැවින් දුරස්ථභාවය රැකෙන ආකාරයෙන් පොසොන් පොහොය දින ශීල ව්‍යාපාර පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

"ආරෝග්‍යා පරමා ලාභා" තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැද මළුවේදී පැවැත්වෙනවා.

ඊයේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ ලොවම සෞඛ්‍ය ගැටළුවකට මුහුණදී සිටින මෙම අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරූ "ආරෝග්‍යා පරමා ලාභා" තේමාව පොසොන් උත්සවය සැමරීමට යොදා ගැනීම සුදුසු බවයි.

ඒ අනුව මිහින්තලා පුද භූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය, අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පිංකම් ද ඇතුළුව රට පුරා පැවැත්වෙන පිංකම් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කෙරෙනවා.

අවදානම් පිරිස් ලෙසට සැලකෙන යම් යම් රෝග තත්වයන් පවතින පුද්ගලයන් සහ වයස්ගත පිරිස් ශීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙසටයි සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් විහාරස්ථාන අවට සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ශීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුවත් කෙරෙනු ඇති.

මෙවර පොසොන් පොහොයේදී පෙරහර පිංකම් අතශ්‍යවශ්‍ය අංග පමණක් සහභාගී කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම මගින් ජන සහභාගීත්වය අවම කිරීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ දැනුම්දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top