මැතිවරණ ක්‍රියාදාමය නිරෝධායන ක්‍රියාවලියට අනුව පවත්වාගෙන යා හැකියි
Friday, 22 May 2020 - 14:14 | Views - 758
දැනට රටේ පවතින නිරෝධායන ක්‍රියාවලියට අනුව මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගෙන යා හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, මැතිවරණ බලධාරීන්ට දැනුම්දීමක් සිදුකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අද ප්‍රකාශ වුණා.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 5 වන දිනටත් ආරම්භ වූ අවස්ථාවේදියි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අතර, එහිදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එලෙස දැනුම්දීමක් කර තිබියදී මැතිවරණ කොමිසම, මැතිවරණය යළි කල් දැමීම ගැටළුසහගත බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.

පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

මේ අතර, මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොතිබියදි ඇතැම් අපේක්ෂකයින් සිය අංකය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බවට තොරතුරු ලැබි ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

අපේක්ෂක නාම ලේඛනයේ ආකාරාදි පිලිවෙල අනුව ඇතැමුන් මනාප අංකය ප්‍රසිද්ධ කර ඇති අතර, ඡන්දය කඩිනමින් පැවත්වුවහොත් ජනතාවට මනාප අංකය ප්‍රසිද්ධ කිරීමේ කාලය සීමා වනු ඇතැයි යන බියෙන් ඔවුන් ඒ සඳහා පෙළඹී ඇති බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.

කෙසේ වෙතත්,  මනාප අංක ගැසට් කිරීම සඳහා මේ වන විට මුද්‍රණයට යවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නියෝගයට අනුව අදාළ කටයුතු සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ නමුත්, මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ මෙලෙස ගැසට් නිවේදනය නිකුත් වීමට පෙර අපේක්ෂකයින් මනාප අංක ප්‍රසිද්ධ කිරීම යෝග්‍ය නොවන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top