පසුගිය දින විස්ස තුළදී රට තුළින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නෑ
Friday, 22 May 2020 - 14:11 | Views - 918
මේ වනවිට කොරෝනා රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදාවෙන් සහ විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කළා.

පසුගිය දින විස්ස තුළදී රට තුළින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ.

මේ අතර, ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ දිනයේ හමුවීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1055 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක්.

වාර්තා වූ අනෙක් ආසාදිතයන් 12 දෙනාගෙන් 11 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වන අතර, ඉතිරි පුද්ගලයා කුවේටයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක්.

මේ වනවිට මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 620 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 426 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, විදේශගත ශ්‍රමිකයින් 350 දෙනෙකු පමණ කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ඉන් 200 දෙනෙකු පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින් බවයි එහි සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. වන්සේකර කියා සිටියේ.

එමෙන්ම, නිවාඩු සඳහා පැමිණ සිටින දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ලබන 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top