අවුරුදු දෙකක් තිස්සේ තම මිනිබිරිය මත් කර වරින් වර දූෂණය කරපු නරුම සීයා
Friday, 22 May 2020 - 13:03 | Views - 2,018

තම අට හැවිරිදි මිනිබිරිය මත් කර වරින් වර දූෂණය කළ 65 හැවිරිදි සීයා කෙනකු හා එයට අනුබල දුන් හැට දෙහැවිරිදි ආච්චි නාවලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුහු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝය.
2018 වසරේ සිට මෙම කුඩා දැරිය සීයාගේ අපයෝජනයට ලක්ව ඇති අතර දරුවාගේ මව හා පියා පසුගිය ඇඳිරි නීතියට පෙර බදුල්ල ඥාති නිවෙසකට ගොස් (මවගේ මහ ගෙදර) සිටියදී එම ඇඳිරි නීතියට හසුව ආපසු නිවෙසට පැමිණීමට නොහැකි වී තිබේ.
මොවුන් මෙම නෑදෑ ගමන ගොස් ඇත්තේ කුඩා දියණිය ආච්චිට හා සීයාට භාර කරමින්ය. එහිදී සීයා අතින් මෙම දැරිය දූෂණයට ලක්ව ඇති අතර එහිදී ඇය වේදනාවෙන් කෑ ගැසුවත් ආච්චි එය ගනන් නොගෙන සිටි බවද දැරියගේ කටඋත්තර අනුව හෙළිවී තිබේ.
දැරියගේ මව හා පියා නැවත නිවෙසට පැමිණියත් මෙම සිද්ධිය හෙළි වී නොමැති අතර දිනක් දැරියගේ ලොකු නැන්දා නිවෙසේදී මෙම දැරිය ලොකු නැන්දාගේ කුඩා දියණියට යම් ලිංගික ක්‍රියාවලියක් කිරීමට යෑම නිසා ලොකු නැන්දා එය දැක ඒ පිළිබඳව සොයා බලා තිබේ.
එහිදී සීයාගෙන් (ලොකු නැන්දාගේද පියාය) මෙම දැරියට විවිධ ලිංගික ක්‍රියාකාරකම් සිදුව ඇති බවත් දැරිය එයට ඇබ්බැහි වී ඇති බවත් හෙළි වී ඇති අතර දැරිය ඒවා නිතර ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගෙන ඇති බව දැන මේ පිළිබඳව ඇගේ මවුපියන්ද දැනුවත් කිරීමෙන් පසු සිද්ධිය නාවලපිටිය පොලිසිය වෙත සැලකර ඇත.
දැරිය නාවලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඇය දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වී ඇති අතර ඒ අනුව සැකකාර සීයා හා ආච්චී මෙසේ අත්අඩංගුවට ගෙන ඊයේ (21) නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, ස. පො. අ. ඕ. පී. අමරබන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. හරේන්ද්‍ර කළුගම්පිටිය, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා. පො. ප. ලක්‍ෂිණි, කා. පො. කො. දිල්රුක්ෂි (604), පො. සැ. සුරේෂ් (45200), ප්‍රියන්ත (35781) ය නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
Share This Article