වන සත්ව මස් වෙළඳාමට එරෙහිව චීනයෙන් දැඩි පියවර
Friday, 22 May 2020 - 12:42 | Views - 844
වන සතුන් දඩයමට සහ වන සත්ත්ව මස් වෙළඳාමට දැඩි දඬුවම් පමුණුවන බව චීනය පවසනවා.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පසුගිය වසරේ දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයේ වන සත්ත්ව මස් වෙළඳපොළෙන් බව වෛද්‍ය විශේෂඥයන්ගේ විශ්වාසයයි.
වෛරසයේ ව්‍යාප්තියත් සමඟ චීනය වන සත්ත්ව මස් වෙළදාම තහනම් කළ අතර, වන සත්ත්ව දඩයම, මස් සඳහා සතුන් බෝ කිරීම මෙන්ම ප්‍රවාහනය ද එරට ප්‍රාන්ත රැසක් තහනම් කරනු ලැබුවා.
මෙලෙස වන සත්ත්ව මස් පාරිභෝජනයට එරෙහි දඬුවම් දැඩි කිරීම හේතුවෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දෙන පැන්ගෝලින් වැනි සතුන් සංරක්ෂණයට ඉඩ සැලසෙන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.
Share This Article