දිවයිනේ නිරිතදිග කොටසට අදත් වැසි
Friday, 22 May 2020 - 9:16 | Views - 519
දිවයිනේ නිරිතදිග කොටසට අද දිනයේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක වැසි ඇති විය හැකියි.
එමෙන්ම, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම නිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Share This Article