තරුණියක් බේරාගන්න ගිය දෙදරු පියාගේ සිරුර, රටම කම්පා කරවමින් හමුවූ තැන
Friday, 22 May 2020 - 8:11 | Views - 1,548
ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කළ තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ අතුරුදන් වූ දෙදරු පියෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ පොලිස් ජීවිතාරක්ෂක භටයින් සහ ප්රදේශවාසීන් එක්ව සොයා ගනු ලැබුවා.
මෙලෙස සිරුර සොයා ගනු ලැබූ දෙදරු පියා 28 හැවිරිදි තලවකැළේ - ලිඳුල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහලට යොමු කිරීමට නියමිතයි.
22 හැවිරිදි එම තරුණිය ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇත්තේ දෙමව්පියන් ගෙන ආ මංගල යෝජනාවකට විරුද්ධ වීම හේතුවෙන්.
පසුව ඇය බේරා ගනු ලැබුවේ තලවකැළේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින්.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
Share This Article