තරුණියක් බේරාගන්න ගිය දෙදරු පියාගේ සිරුර, රටම කම්පා කරවමින් හමුවූ තැන
Friday, 22 May 2020 - 8:11 | Views - 1,549
ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කළ තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ අතුරුදන් වූ දෙදරු පියෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ පොලිස් ජීවිතාරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයා ගනු ලැබුවා.

මෙලෙස සිරුර සොයා ගනු ලැබූ දෙදරු පියා 28 හැවිරිදි තලවකැළේ - ලිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහලට යොමු කිරීමට නියමිතයි.

22 හැවිරිදි එම තරුණිය ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇත්තේ දෙමව්පියන් ගෙන ආ මංගල යෝජනාවකට විරුද්ධ වීම හේතුවෙන්.

පසුව ඇය බේරා ගනු ලැබුවේ තලවකැළේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින්.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top