මාලිගාවත්තේ තෙරපීමෙන් තුවාල ලැබූ 9දෙනෙකු ජාතික රෝහලට
Thursday, 21 May 2020 - 15:35 | Views - 1,722
මාලිගාවත්ත ජුම්මා මාවතේ නිවසක පෞද්ගලිකව සිදුකළ මුදල් ආධාර බෙදීමේදී ඇති වූ තෙරපීමේ සිද්ධියෙන් තුවාල ලැබූ 9 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඉන් 4 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි රෝහල් ප්‍රකාශිකාවක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
තුවාල ලැබූවන් 9 දෙනාගෙන් 8 දෙනකෙුම කාන්තාවන්.
අද දහවල් ඇති වූ මෙම තෙරපීමෙන් කාන්තාවන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදීම සිදුකළ පුද්ගලයා ඇතුළු 6 දෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ.
Share This Article