හැඩිදැඩි ශරීරයකට හිමිකම් කියූ හෙද නිලධාරියා, කොරෝනාවෙන් දුර්වල වූණ හැටි -[Photos]
ලෝකයම බය කළ කොරෝනා ගැන විවිධ කතා ලෝකය පුරා වාර්තා වෙනවා. දිනෙන් දින ඉහල යන කොරෝනා ආසධිතයින් වගේම මරණ සංඛ්‍යා එක්ක සුව වූ රෝගීන් ගැනත් වාර්තා වෙද්දී කොරෝනා ආසාධිත වූ හෙද නිලධාරියෙක් ගැන වාර්තා වෙනවා. Mike Schultz නම් ඔහු 43 හැවිරිදි පුද්ගලයෙක්. කැලිෆෝනියා San Francisco කියන නගරයේ ජිවත් වෙන ඔහු කඩවසම් හා හැඩිදැඩි සිරුරක් හිමි කෙනෙක්.
කායවර්ධනය ගැන වැඩි උනන්දුවක් තිබෙන මොහු මේ වෙද්දී කොරෝනා ආසාධිතයෙක් වීම නිසා සිහින් සිරුරකට හිමිකම් කියන පුද්ගලයෙක් බවට පත් වෙලා ඔහුගේ සමලිංගික පෙම්වතා මොහුගේ කලින් ගත් ඡායාරූපයක් හා රෝගයට ගොදුරු වී දින කිහිපයකට පසුව ගත් ඡායාරූපයක් Instagram ගිණුමට එක්කර තිබෙනවා. එම ඡායාරූප සදහා බොහෝ ප්‍රතිචාර හිමිව තිබෙන අතර බොහෝ දෙනා ඔහුගේ කෙසග සිරුර දැක පුදුමයට පත් වෙමින් අදහස් දක්වා තිබෙනවා. මේ වෙද්දී එම ඡායාරූපය 30,000ක් පමණ follower කර තිබෙනවා.
දකුණු වෙරළ මියාමි හි පැවති සාදයකට මාර්තු 4 වැනිදා සිට 10 වැනිදා දක්වා මොහු හා මොහුගේ පෙම්වතාද සම්බන්ධ වී තිබෙනවා. නමුත් මොහුට හා එම සාදයට එක් වූ 37 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි පැවසෙන්නේ.
"මම දැනගෙන හිටියා කොරෝනා වෛරසය ගැන. කොරෝනා වෛරසය අසාධනය වෙලා මම අකර්මන්‍ය වෙනකල් දැනගෙන හිටියේ නැහැ එය එතරම් බැරෑරුම් කියලා .මම හිතුවේ මම තරුණයි, එය මට බලපාන්නේ නැහැ කියලා. මම දන්නවා ගොඩක් අය එහෙම හිතනවා...නමුත් තරුණ බොහෝ දෙනෙකුට මෙම වෛරසය වැළදුනා.." ඔහු BuzzFeed News වෙත පවසා තිබෙනවා.




