ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයට ඇදවැටෙන මහා වර්ෂාව හේතුවෙන් එරට ගංගා හරහා බැඳ තිබු දැවැන්ත වේලි දෙකක් කඩා වැටී තිබේ. මේ නිසා එම ප්‍රදේශ වල දස දහසක පිරිසක් වහාම නිවෙස් වලින් ඉවත් කරන්නට බලධාරීහු කටයුතු කළහ.
ඊඞ්න්විල් හා සන්ෆොර්ඞ් යන වේලි මෙසේ කඩා වැටී තිබේ. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ අඩි නවයක් පමණ ජලයෙන් යටවී තිබේ. මෙවැනි දැවැන්ත ජලගැලීම් මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබේ.
කොරෝනා වසංගතයට ලක්ව තිබීම නිසා ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගෙන යාම ගැටළුවක් වී තිබේ.
මිචිගන් ප්‍රාන්තය කොරෝනා වැඩිපුරම ව්‍යාප්තවී ඇති ප්‍රාන්තයකි. එහි පනස් දහසකට වැඩි කොරෝනා රෝගීන් පිරිසක් සිටින අතර පන් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.