සේවකයන් පස්දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වැඩ කරන දින දෙකක කාලයක් සඳහා මෙලෙස තානාපති කාර්යාලය වසා දමා ඇති බවයි.
එමෙන්ම තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේ දැක්වුණේ මෙලෙස වසා තැබෙන කාලයෙහි
[email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ ගාස්තු රහිත දුරකථන අංක 800 119 119 ඔස්සේ තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවයි.
ගාස්තු රහිත දුරකථන අංකයට විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඇතැම් අවස්ථාවලදී පැමිණෙන දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවිය හැකි අතර, තානාපති කාර්යාලය විසින් පැය 24 ක් ඇතුළත නැවත එම දුරකථන අංකය හා සම්බන්ධවීමට කටයුතු කරන බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.
මේ නිසා සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන පිරිස් සිය ගැටළු හැකිතාක් විද්‍යුත් තැපෑල ඔස්සේ ඉදිරිපත් කරන ලෙසද ඔවුන් දැනුම් දෙනවා.