අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසයි
Thursday, 21 May 2020 - 10:18 | Views - 730
සේවකයන් පස්දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වැඩ කරන දින දෙකක කාලයක් සඳහා මෙලෙස තානාපති කාර්යාලය වසා දමා ඇති බවයි.

එමෙන්ම තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේ දැක්වුණේ මෙලෙස වසා තැබෙන කාලයෙහි [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ ගාස්තු රහිත දුරකථන අංක 800 119 119 ඔස්සේ තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවයි.

ගාස්තු රහිත දුරකථන අංකයට විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඇතැම් අවස්ථාවලදී පැමිණෙන දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවිය හැකි අතර, තානාපති කාර්යාලය විසින් පැය 24 ක් ඇතුළත නැවත එම දුරකථන අංකය හා සම්බන්ධවීමට කටයුතු කරන බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

මේ නිසා සේවාවන්  ලබාගැනීමට අපේක්ෂා කරන පිරිස් සිය ගැටළු හැකිතාක් විද්‍යුත් තැපෑල ඔස්සේ ඉදිරිපත් කරන ලෙසද ඔවුන් දැනුම් දෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top