මේ රටේ ඇඳිරි නීති දාලා නැහැ- ඒත් හැමෝටම සේවයට එන්න එපා කියලා තියෙන්නේ
Thursday, 21 May 2020 - 9:56 | Views - 398
දැනට මෙහි පවතින තත්ත්වය අනුව තවම නිශ්චිත විසඳුමකට ඇවිත් නැහැ. ඒ නිසා අපි හැමෝම අවදියෙන් කටයුතු කරන්නේ. මේ රටේ ඇඳිරි නීති දාලා නැහැ. ඒත් හැමෝටම සේවයට එන්න එපා කියලා තියෙන්නේ. 50%ක වගේ පිරිසක් විතරයි සේවයට එන්නේ.
අනෙක් අය නිවසේ සිට සේවය ලබා දෙනවා. බහරේනයේ සමස්ථ ජනගහණය ලක්ෂ 15ක් විතර වෙනවා. මේ ලක්ෂ 15න් දැනටමත් ලක්ෂ 2ක පිරිසකට කොරෝනා තිබේද යන්න බලන පරීක්ෂණය සිදු කර අවසන්. ආසාධිතයන්ගෙන් 50%කටම දැන් සුවවෙලා. ආසාධිත වූ අය වෙනමම ගොඩනැගිලිවල කොටු කරලයි සිටින්නේ. ඒ නිසා අපට අනවශ්‍ය බියක් නැහැ.
සංගීත කටයුතුනම් මේ දිනවල කෙරෙන්නෙ නැති තරම්. ඒත් මෑතකදී නිර්මාණ කීපයක්ම අන්තර්ජාලයට මුදාහැරියා. මෑතකදී ගායනා කළ තරුණ දියණියන් ගැන කියැවෙන ‘‘ගැයෙන්න මිහිරිම ගීයක් වෙලා’’ ගීතය මේ දිනවල යූ ටියුබ්වල විකාශය වෙනවා. ඊට ඉතා හොඳ ප්‍රතිචාරය ලැබෙන බව කියන්න පුළුවනි. ඊට අමතරව ගුවන් විදුලි නිවේදිකාවන් තේමා කර ගෙනත් ගීතයක් කළා. මේවා රසවිඳින්න කියලා මගේ ශ්‍රී ලාංකීය රසිකයින්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
ගායන ශිල්පී සමන් ජිනදාස
Share This Article