බාල වයස්කාර සිසුවෙකුට ලිංගික අපයෝජන කළ ගුරුවරිය රිමාන්ඩ්
Thursday, 21 May 2020 - 9:30 | Views - 17,307
බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්‍ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් මේ මස 22 (හෙට) දක්වා රිමාන්ඩ් බන්‍ධනාගාර ගතකරන ලෙසට හිඟුරක්ගොඩ මහෙස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා නියෝග කලේය.

මෙම ගුරුවරිය තමන් සේවය කරන පාසලේ ඉගෙනුම ලබන බාල වයස්කාර පිරිමි දරුවෙකු මාපිය බාරකාරත්වයෙන් බැහැරව අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇතැයිද මෙම පිරිමි දරුවා මාතලේ ප‍්‍රදේශයට රැගෙන ගොස් රහසිගතව නිවෙසක සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කලේය.

වින්දිත පාසල් සිසුවා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කලේය.

හිඟුරක්ගොඩ පොලීසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති,ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ඒ.ඉන්දික, පො.සැ.(50467) ඩබ්ලිව්.ඞී.නන්දනසිරි යන මහත්වරුන් විසින් සැකකාර ගුරුවරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

කරුණාරත්න ගමගේ,හිඟුරක්ගොඩ අතුල සූරියබණ්ඩාර
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top