තල්මස් පැටියා බේරාගත්තාට ඩොලර් විසිහත්දහසක් දඩ ගහලා
Thursday, 21 May 2020 - 9:10 | Views - 1,016
ඕස්ටෙ‍්‍රලියාවේ වෙරල ආසන්නයේ දැලක පැටලී සිටි කුඩා තල්මස් පැටියෙකු බේරා ගැනීම සඳහා එම දැල් කපා දැමූ ඕස්ටෙ‍්‍රලියානු ජාතිකයෙකුට ඕස්ටෙ‍්‍රලියානු බලධාරීන් විසින් ඩොලර් විසි හත් දහසක දඩයක් නියම කර තිබේ.

මෙම දැල් සවිකර ඇත්තේ මිනී මොරුන්ගෙන් මහජනතාවට සිදුවන අනතුරු අවම කිරීම සඳහාය.
 
අදාල තල්මසා දැලේ පැටලී සිටිනු දැක ඇති මේ පුද්ගලයා අදාල සිද්ධිය ඕස්ටෙ‍්‍රලියානු පොලීසිය වෙත දුරකතනයෙන් දැනුම් දී තිබේ.

එහෙත් පැය දෙකක් ගත වන තුරුත් පොලීසිය හෝ වෙරළාරක්ෂක බලධාරීන් කිසිවකුත් පැමිණ නැත. පසුව මෙම තැනැත්තා එම ස්ථානය වෙත පිහිනා ගෙන ගොස් දැලේ පැටලී සිටි තල්මස් පැටියා බේරා ගෙන ඇත්තේ දැල් කොටසක් කපා දමමිනි.

නැවත ගොඩබිමට පැමිණෙද්දී වෙරළාරක්ෂක නිලධාරීන් එහි පැමිණි අතර අදාළ දැල් කපා දැමීම වරදක් ලෙස පවසා ඇති ඔවුන් මොහුට ඩොලර් විසිහත්දහසක දඩයක් නියම කර තිබේ. කෙසේ වෙතත් ඔහු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top